Sunday, March 20, 2022

පාසල් පිරියත අලංකරණ වැඩසටහන

විද්‍යාලයීය දූ දරුවන්ට වඩා හොද ඉගෙනුම් පරිසරයක් ලබා දීම උදෙසා පාසල් පිරියත අලංකාර කිරීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක වේ. විද්‍යාලයේ 10, 11 ශ්‍රේණි දරුවන්ගේ පන්ති කාමර පිහිටි ගොඩනැගිල්ල ඉදිරියේ ආරක්ෂක බැම්මක් ඉදි කිරීම මේ දිනවල සිදු වේ. මේ ඉදිකිරීම් අවසන් වූ පසු වඩා ආරක්ෂිත හා අලංකාර වටපිටාවක් නිර්මාණය වනු ඇත.







සෞඛ්‍යය අරක්ෂාව පිළිබදව සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන


    විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ සහපත් සෞඛ්‍යය පුරුදු තව දුරටත් ඉහළ නංවා ගැනීම සදහා උපදේශණ වැඩසටහනක් 2022/03/ 18 දින පෙ.ව. 11 සිට ප.ව. 1 දක්වා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ. 

    මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ Habitat for Humanity Sri Lanka සංවිධානය විසින් වන අතර ඒ සදහා සම්පත් දායකත්වය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා විසින් දක්වන ලදි.

    මෙම වැඩසටහන සදහා විද්‍යාලයේ 10, 11, 12 හා 13 ශ්‍රේනිවල දරු දැරියන් සහභාගි වන ලදි.

Habitat for Humanity - https://www.habitatsrilanka.org












Monday, March 14, 2022

07 ශ්‍රේනියේ දුවා දරුවන්ගේ "සතිමත් බව ඇති කිරීම" වැඩසටහන

 

07 ශ්‍රේනියේ දුවා දරුවන්ගේ "සතිමත් බව ඇති කිරීම" වැඩසටහන

    

යටියන්තොට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයීය බෞද්ධ සංගමය හා විද්‍යාලයීය 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්, දෙමාපියන් හා 07 ශ්‍රේණියේ අංශ ප්‍රධාන ගුරුතුමිය හා 07 ශ්‍රේණි පන්තිභාර සියළු ගුරුභවතුන්ගේ නොමසුරු දායකත්වය මත 07 ශ්‍රේනියේ දුවා දරුවන්ගේ "සතිමත් බව ඇති කිරීම" හා දෙමාපියන්ගේ හා විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ ආකල්ප සංවර්ධන වැඩසටහන 2022.03.14 දින පැවැත්වෙන ලදි.

  • ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගන්ධ පාර්ශවයේ මූල්‍ය ලේඛාධිකාරි මහා කම්මට්ඨානාචාර්ය ගන්තුනේ සද්ධාතිස්ස ස්වාමින්වහන්සේ,
  • රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය අධ්‍යාපනපති පූජ්‍ය බුලුගහපිටියේ සරණතිස්ස ස්වාමින්වහන්සේ,
  • කෑගල්ල අලපලාවල ශ්‍රී ඤාණතිලක මහ පිරිවෙනෙහි හිටපු පරිවේණාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගන්තුනේ ස්වණ්න ස්වාමින්වහන්සේ,

යන පූජනීය මහා සංඝරත්නය වැඩම කරන ලදි. 

විද්‍යාලයීය විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා ද සහභාගි විය.